චීනයේ ෆූජියාං ප්‍රාන්ත උප සභාපතිණි ලී චුන්මේ (Lei chunMei) මහත්මිය (6) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යූ.ගමගේ මහතා හමුවිය.
එහිදී ෆූජියාං ප්‍රාන්තයට සහ මධ්‍යම පළාතට වැදගත් වන කරුණු රැසක් සාකච්ඡාවට බදුන් වූ අතර, මධ්‍යම පළාතේ සංචාරක, අධ්‍යාපන, කර්මාන්ත අංශ සංවර්ධනය කිරීම සදහා වන ඉදිරි සැලසුම් එහිදී ප්‍රධානත්වයක් ගැනුනි. මෙහිදී ඉදිරි වසරේ සැප්තැම්බර් මාසයේදී ෆූජියාං ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිත විශේෂ ආයෝජන සමුළුවට සහභාගී වන ලෙසද ලී චුන්මේ (Lei chunMei) මහත්මිය ආණ්ඩුකාරවරයාට ආරාධන කර සිටියේය. සාකච්ඡාව අවසානයේදී මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරු කිරීමක් ද සිදවිය.
No comments:
Post a Comment