Monday, December 30, 2019

ශිල්පාභිමානි හරසර 2019 ප්‍රණාම උපහාර උළෙල

මැදුම් දෙස තාක්ෂලාවන් හි සුවහසක් මානව මානවිකාවන්ගේ “ නුවණැස ” පුබුදුවාලමින් දයට අභිමානවත් අනාගත පුරවැසියන් උරුම කරන්නට අනේක වූ මෙහෙවරක් ඉටු කළාවූ,දිසාපාමොක් පරපුරේ නුතන ඇදුරුතුමන්,ඇදුරුතුමියන් අගය කරනු වස් මැදරට අධ්‍යාපනේ මහගෙදර වූ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ශිල්පාභිමානි හරසර 2019 ප්‍රණාම උපහාර උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඤ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (28) දින මහනුවර ග්‍රැන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පැවැත්විණ.මෙහිදී මධ්‍යම පළාතේ සිංහල,දමිල,මුස්ලිම් යන සියළු භාෂාවන් වලින් සිය අධ්‍යන කටයුතු ඉටුකරනු ලබන ගෞරවනිය ස්වාමින්වහන්සේ ඇතුළුව ගුරු මහත්ම මහත්මීන්151 දෙනෙකු සදහා ශිල්පාභිමානි පිරිනැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.
විශේෂයෙන් මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් සදහා සමස්ත ගුරු ප්‍රජාවගේ දැනුම සහ කුසලතාවයන් ඵලදායීලෙස කාර්යක්‍ෂමව බාවිතයට ගැනීම තුලින් මැදරට අධ්‍යාපනය ආර්ථික සමාජ භුගෝලී අගයන් හමුවේ සාර්ථක ඉදිරි දැක්මක් සහිතව ගමන් කර වීම මෙම ශිල්පභිමනි හරසර පිදීම තුලින් අපේක්ෂා කරනවා.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී රාජරත්න,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුන් එක්විය.



No comments:

Post a Comment