Monday, December 30, 2019

චීනයේ ෆූජියාං ප්‍රාන්ත උප සභාපතිණි ලී චුන්මේ (Lei chunMei) මහත්මිය (6) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යූ.ගමගේ මහතා හමුවිය.
එහිදී ‍ෆූජියාං ප්‍රාන්තයට සහ මධ්‍යම පළාතට වැදගත් වන කරුණු රැසක් සාකච්ඡාවට බදුන් වූ අතර, මධ්‍යම පළාතේ සංචාරක, අධ්‍යාපන, කර්මාන්ත අංශ සංවර්ධනය කිරීම සදහා වන ඉදිරි සැලසුම් එහිදී ප්‍රධානත්වයක් ගැනුනි. මෙහිදී ඉදිරි වසරේ සැප්තැම්බර් මාසයේදී ෆූජියාං ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිත විශේෂ ආයෝජන සමුළුවට සහභාගී වන ලෙසද ලී චුන්මේ (Lei chunMei) මහත්මිය ආණ්ඩුකාරවරයාට ආරාධන කර සිටියේය. සාකච්ඡාව අවසානයේදී මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරු කිරීමක් ද සිදවිය.

ඇෆ්ගනිස්ථාන තානාපති ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා හමුවේ.

ඇෆ්ගනිස්ථාන තානාපති එම් අෂ්රෆ් හයිදරි (M Ashraf Haidari) මහතා (5) මහනුවර, පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයේදී, මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා හමුවිය.
මෙම හමුව අතරතුර ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඇති දේශපාලන හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සදහා මෙන්ම මධ්‍යම පළාතේ ඉදිරි අනාගතය සදහා සුවිශේෂ වන කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡාවට බදුන්විය.

මහජන දිනය

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ මහජන දිනය (05) දින පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේදී පැවැත්විණ.

පළාත් සභාවේ සියලුම අමාත්‍යංශ,දෙපාර්තමේන්තු හරහා පළාත තුල කෙරෙන්නාවූ සංවර්ධන පුවත් එකතුව වන “මැදරට අඩහැරය” මාසික පුවත්පත මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය නිලධාරී නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඤ ලලිත් යු ගමගේ මහතා වෙත ආණ්ඩුකාර කාර්යාලයේදී පිළිගැන්විය.

මෙම පුවත්පත මධ්‍යම පළාතේ සියලු පාසල්,මහජන පුස්තකාල හා සියලු රජ්‍ය ආයතන වෙත නොමිලේ බෙදාහරිනු ලැබේ.

මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් උපාලි රණවක මහතාද එක්විය. 

ශිල්පාභිමානි හරසර 2019 ප්‍රණාම උපහාර උළෙල

මැදුම් දෙස තාක්ෂලාවන් හි සුවහසක් මානව මානවිකාවන්ගේ “ නුවණැස ” පුබුදුවාලමින් දයට අභිමානවත් අනාගත පුරවැසියන් උරුම කරන්නට අනේක වූ මෙහෙවරක් ඉටු කළාවූ,දිසාපාමොක් පරපුරේ නුතන ඇදුරුතුමන්,ඇදුරුතුමියන් අගය කරනු වස් මැදරට අධ්‍යාපනේ මහගෙදර වූ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ශිල්පාභිමානි හරසර 2019 ප්‍රණාම උපහාර උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඤ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (28) දින මහනුවර ග්‍රැන්ඩ් කැන්ඩියන් හෝටලයේදී පැවැත්විණ.මෙහිදී මධ්‍යම පළාතේ සිංහල,දමිල,මුස්ලිම් යන සියළු භාෂාවන් වලින් සිය අධ්‍යන කටයුතු ඉටුකරනු ලබන ගෞරවනිය ස්වාමින්වහන්සේ ඇතුළුව ගුරු මහත්ම මහත්මීන්151 දෙනෙකු සදහා ශිල්පාභිමානි පිරිනැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.
විශේෂයෙන් මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් සදහා සමස්ත ගුරු ප්‍රජාවගේ දැනුම සහ කුසලතාවයන් ඵලදායීලෙස කාර්යක්‍ෂමව බාවිතයට ගැනීම තුලින් මැදරට අධ්‍යාපනය ආර්ථික සමාජ භුගෝලී අගයන් හමුවේ සාර්ථක ඉදිරි දැක්මක් සහිතව ගමන් කර වීම මෙම ශිල්පභිමනි හරසර පිදීම තුලින් අපේක්ෂා කරනවා.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී රාජරත්න,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුන් එක්විය.

මධ්‍යම පළාතේ ජගත් ආබාධිත සමරු උළෙල

මධ්‍යම පළාතේ ජගත් ආබාධිත සමරු උළෙල අද (28) දින පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඤ ලලිත් යු .ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
රැකවරණ මධ්‍යස්ථාන වල දු දරුවන්ගේ රැගුම් ගැයුම් ඇතුලත් විවිධ ප්‍රසංගයක් සහ තිලින ප්‍රධානයක්ද සිදුවිය.
මෙහිසී අදහස් ප්‍රකාශ කරමින් ලලිත් යු ගමගේ මහතා කියාසිටියේ අබාධිත පුජාවගේ සුභ සාධනය සහ රැකවරණය උදෙසා මධ්‍යම පළාත් සභාවෙන් හැකි සෑම සහයක්ම සළසන බවත්,ඔවුන්ට සමාජයට බරක් නොවන ලෙස ජීවත්වීමට සියළු පහසුකම් ලබාදෙන බවත් ,දරුවන් ආබාධිත වූ පමණින් සමාජයට ඔවුන් බරක් විය යුතු නැහැ.එම දරුවන් අපේම දරුවන් ලෙස සිතා අපි කැපවීමෙන් හා හැගීමෙන් ක්‍රියා කරමු.ඔවුන් සමාජයට වැඩදායි පුරවැසියන් පිරිසක් ලෙස හදාගස්වමු.කැපවීමක් ඒ වෙනුවෙන් කරමු.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුභසාධන පරිවාස හා ළමා රක්‍ෂක සේවා අමාත්‍යංශයේ ලේකම් බි.එච්.එන්.ජයවික්‍රම,පළාත් සමාජ සුභසාධන පරිවාස හා ළමා රක්‍ෂණ සේවා කොමසාරිස් ඩි.එම්.ඊ.චින්තිකා කේ.ගුණරත්න යන මහතාම මහත්මීන් එක්විය.

විනය විශාරද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපානේ ප්‍රේමසිරි මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබාගැනීම.

මධ්‍යම පළාත් 15 වන ආණ්ඩුකාරවරයා ලෙස නීතිඥ ලලිත් යු ගමගේ මහතා (27) දින රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව රාජකීය පණ්ඩිත, අග්ගමහා පණ්ඩිත, විනය විශාරද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපානේ ප්‍රේමසිරි මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබාගැනීම.

මධ්‍යම පළාතේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල ප්‍රධානින් හදුනා ගැනීම සදහා වන විශේෂ හමුව

මධ්‍යම පළාත සදහා අභිනවයෙන් පත්වූ ආණ්ඩුකාරවර නීතිඤ ලලිත් යු ගමගේ මහතාණන් මධ්‍යම පළාතේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල කාර්ය බරය සහ ප්‍රධානින හදුනා ගැනීම සදහා වන විශේෂ හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබුවා.
මෙහිදී එක් එක් අමාත්‍යංශවල කාර්ය බාර්ය පිළිබදව නිසි අවබෝදයක් ලබා ගනිමින් මේ සියලු අමාත්‍යංශ හරහා කඩිනමින් ඉදුකල යුතු මහජන මෙහෙවර සහා සංවර්ධනාත්මක කාර්ය ඉටුකිරීම සදහා වන බාදක හදුනාගෙනා ගැනීමටත් ඒවා සදහා ඉදිරිපත් කලයුතු යෝජනාවන සහ පිළියම් පිලිබදව එක් එක් අමාත්‍යංශවල ලේකම් වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ සජීවී සංවාදයක නිරත විනි.මෙහිදී අන්දුකරතුමන් ප්‍රකාශ කලේ වර්තමානයේ රජයේ සංවර්ධනාත්මක යෝජනාවලිය වඩාත් ජනතා හිතවාදී ලෙස ක්‍රියාත්මක කිරීම සදහා මධ්‍යම පළාත් සභාව බැදී සිටින බවත් ඒ ඒ අමාත්‍යංශවල නියමිත විෂය පථයන්හි අදාල සංවර්ධන කාර්ය කඩිනමින් ඉටුකරමින් එහි ප්‍රතිලාභ ජනතාව අතට පත්කර දීමේ වගකීම අප සතු බවත් අවදාරණය කළා.අපි සියළු දෙනාම රජයී සේවකයින් විදිහට අවශ්‍ය තැන් හි අවශ්‍ය තීන්දු තීරණ ලබා ගනිමින් ඒවා කඩිනමින් නිම කිරීමටත් යම් බදකයක් වේනම් ඒ බදවා සදහා අවශ්‍ය ප්‍රතිපාදනයන නීතිමය ප්‍රතිපාදනයන් සහ අවශ්‍ය රැකවරණයන ලබා දීමට තමන් ජනාධිපතිතුමාගේ නියෝජිතයා විදිහට කටයුතු කරන බවත් අවදාරණය කළා.
මේ අවස්ථාව සදහා මධ්‍යම පළාතේ සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්,ආයතන ප්‍රධානින් සහභාගී විය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගැනීම.

මධ්‍යම පළාත් 15 වන ආණ්ඩුකාරවරයා ලෙස නීතිඥ ලලිත් යු ගමගේ මහතා (27) දින රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගැනීම.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහානා‍යක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබාගැනීම

මධ්‍යම පළාත් 15 වන ආණ්ඩුකාරවරයා ලෙස නීතිඥ ලලිත් යු ගමගේ මහතා (27) දින රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහානා‍යක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබාගැනීම